විකිරණශීලී ද්‍රවය අඩංගු නැව හම්බන්තොට වරායෙන් ඉවතට .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හම්බන්තොට වරාය වෙත පැමිණ තිබූ චීන නැවේ විකිරණශීලී ද්‍රව්‍ය ඇති බවට හෙළිවීම හේතුවෙන් එම නැවට වහාම එම වරායෙන් පිටත්වන ලෙස දැන්වූ බව පරමාණුක බලශක්ති නියාමන සභාව ප්‍රකාශ කර සිටී ..

නෙදර්ලන්තයේ සිට චීනය බලා යාත්‍රා කළ  මෙම නෞකාව , යාන්ත්‍රික  දෝෂයකට ලක්වීම හේතුවෙන්  හම්බන්තොට වරායට ඇතුළු කිරීමට අවසර ඉල්ලා තිබේ. ඒ අනුව හම්බන්තොට වරායේ ප්‍රධානියා විසින් ඊට අවසර ලබාදී ඇති නමුත්   නෞකාව සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවකදී එහි විකිරණශීලි ද්‍රව්‍ය ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත .

ඒ අනුව  වරාය ප්‍රධානියා විසින් ඒ සම්බන්ධයෙන් පරමාණුක බලශක්ති නියාමන සභාවට දැනුම් දී තිබෙන අතර . එහි නිලධාරීන් විසින් නෞකාව වහාම ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී ඇත.

මේ අනුව අද (21) උදෑසන වන විට නෞකාව හම්බන්තොට වරායෙන් ඉවත් කරගෙන ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් නිසි දැනුම්දීමකින් තොරව විකිරණශීලි ද්‍රව්‍ය ගබඩා කළ එම නෞකාව හම්බන්තොට වරායට ඇතුළු කිරීම සම්බන්ධයෙන් නැව් සමාගමේ මෙරට නියෝජිතවරයාට ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.