විග්නේෂ්වරන්ගේ ඉල්ලීමක් උසාවිය ඉවත දමයි

Picture of අසංක

අසංක

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තමාට එරෙහිව ඉදිරිපත් කර තිබුණු චෝදනා නීතිවිරෝධී යැයි ප‍්‍රකාශ කරන ලෙස ඉල්ලා උතුරු පළාතේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් අභියාචනාධිකරණය අද ප‍්‍රතික්ෂේප කළේය.

අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික‍්‍රමසිංහ මහත්මිය සහ අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් අදාල නියෝගය නිකුත් කළේය.

උතුරු පළාතේ ධිවර ආමාත්‍ය ධුරයෙන් තමන් ඉවත් කිරීම නීතිවිරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙෂ ඉල්ලා හිටපු අමාත්‍ය බී,ඩෙනීෂ්වරන් මහතා ගොනු කළ පැමිණිල්ලක් විභාග කළ අභියාචනාධිකරණය ඩෙනීෂ්වරන් මහතාට අදාළ තනතුරේ කටයුතු කිරීමට ඉඩලබාදෙන ලෙස දන්වා උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා වෙත 2018 වසරේ අගෝස්තු මස නියෝගයක් නිකුත් කර තිබුණි.

අදාළ අභියාචනාධිකරණ නියෝගය කි‍්‍රයාත්මක නොකිරීම තුළින් හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයා අධිකරණයට අපහාස කරන ලදැයි චෝදනා කරමින් උතුරු පළාත් හිටපු ධිවර ඇමැති ඩෙනීෂ්වරන් මහතා විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ඉදිරිපත් කර තිබුණි.

ඉෂාර රත්නකාර