විදුලිය කැපෙන වෙලාවන් දන්වයි

Picture of අසංක

අසංක

දින කිහිපයක් යනතෙක් පස්වරු 6.00 සිට රාත්‍රී 9.30 දක්වා පැයක පමණ කාලයක් ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වනු ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වනතුරු මෙම විදුලි බිඳවැටීම සිදුවනු ඇති බව එම අමාත්‍යාංශය පැවසීය.

විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ එම බලාගාරයෙන් සපයන මෙගාවොට් 900 පූර්ණ ධාරිතාව ජාතික පද්ධතියට එක්කිරීමට දින 3ක පමණ කාලයක් ගතවිය හැකි බවට අනුමාන කරන බවය.