විදුලි අර්බුදයට විසඳුම් සොයන්න – ජනපතිගෙන් උපදෙස්

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(දම්පත් රණසිංහ )

ජන ජීවිතයට බාධා නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සොයන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ට අද (10) උපදෙස් ලබා දී තිබේ.

එ් මේ වන විට රටපුරා සිදුවන විදුලි කප්පාදුව සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සමග අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.

මෙම තත්ත්වයට හේතුව ගල්අඟුරු සහ පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනයේ දී පැනනැගී ඇති ගැටලු කිහිපයක් බව එහිදී නිලධාරීන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාව සතු ගල් අඟුරු සංචිත විදුලි අර්බුදයකට ඉඩ නොදී කළමනාකරණය කරගැනීමට ප්‍රමාණවත් බවත් ඉන්ධන භාවිතයෙන් කෙරෙන විදුලි උත්පාදනය කළමනාකරණය කිරීමෙන් විදුලි කප්පාදුවකට යෑමෙන් වැළකිය හැකි බවත් එම නිලධාරීන් වැඩිදුරටත් ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇත.