විදුලිය ගාස්තු වැඩි කිරිම සම්බන්ධයෙන් ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව තවදුරටත් අධ්‍යනය කර ඒ සඳහා අනුමැතිය ලබා දීම කැබිනට් මණ්ඩලයේදී තීරණය වී ඇත.
මේ අනුව ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී මේ සදහා අනුමැතිය ලබාදීමට එකඟතාව ඇතිවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.
විදුලි ගාස්තු වැඩිකිරිමය විරෝධය පලකරමින් විදුලි වෘත්තිය සමිති වර්ජනයක් කැදවා තිබු අතර එය ලබන සතිය දක්වා කල්දමා ඇත.