විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් යලි මෙරටට ගෙන්වා ගැනීම සීමා කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අවධාරණය කර සිටී.
විශාල වශයෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සහ ඔවුන් අතරින් ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වීම ගැටලුකාරී තත්වයක් බවද ජාසිංහ මහතා මාධ්‍ය වෙත අද සඳහන් කළේය
කුවේට්හි සිට පැමිණ ත්‍රිකුණාමලය යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක් අද දින මරණයට පත්වූ අතර ඊයේ දිනයේදී කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 52 ක් හඳුනා ගත් අතර ඉන් 49 දෙනෙකුම කුවේට්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකළ පිරිසකි.