විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් ලියාපදිංචි කිරීම සඳහා විශේෂ වෙබ් අඩවියක් හඳුන්වා දීමට විදේශ සබඳතා අමාත්‍යංශය පියවර ගෙන ඇත.
කොරෝනා වැනි වසංගත මෙන්ම හදිසි අවස්ථාවලදී කඩිනමින් තොරතුරු ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ දත්ත උපයෝගී කරගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍යාංශය සඳහන් කර සිටී
මෙම වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ සහයෝගයද හිමිවන බව විදේශ සබඳතා අමාත්‍යංශය සඳහන් කර ඇත.
නව වෙබ් අඩවියේ ලිපිනය – http://www.contactsrilanka.mfa.gov.lk