විදෙස්ගත ලාංකිකයෝ ලක්ෂයක් ඡන්දෙ දාන්න දිවයිනට

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ලොව පුරා රටවල් තිහක පමණ , විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවක් එළඹෙන ජනාධිපතිවරණය සඳහා චන්දය භාවිතා කිරීමට මෙරටට පැමිණීමට නියමිත බවත් ඔවුන් සියලුදෙනාම ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම සඳහා තම ජන්දය භාවිතා කරනු ඇති බවත් “මව්බිම වෙනුවෙන් විදෙස්ගත අපි” සංවිධානයේ සභාපති නීතිඥ ශ්‍රී වර්ධන පතිරාජ මහතා අවධාරණය කර සිටී .

අද පෙරවරුවේ පදනම් ආයතනයේදී පවතී මාධ්‍ය හමුවකදී පතිරාජ මහතා මේ බව පැවසීය .

තම සංවිධානයට අයත් මෙම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන විශාල පිරිසක් දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් , වත්මන් රජයේ දුර්දාන්ත පාලනය අවසන් කර දැමීම තම සංවිධානයේ අරමුණ බවත් පතිරාජ මහතා ප්‍රකාශ කර සිටී .

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගේ පවුල්වල සාමාජිකයින් සංඛ්‍යාව ලක්ෂ 08 ඉක්මවන බවත් ඔවුන්ගේ ජන්දයද අනිවාර්යයෙන් ගෝඨාභය රාජාපක්ෂ මහතාට ලැබෙන බවත් මෙම සංවිධානයේ අනුර මැදගෙදර මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැදගෙදර මහතා මෙසේ පැවසීය – කිසිදු විදේශ ආයෝජනයක් පසුගිය වසර පහ තුලම මෙරටට පැමිණ නැහැ . ඩොලරය 130 සිට 188 දක්වා ඉහල ගියා. මේ ආණඩුව තවදුරටත් පැවතුනොත් රට විනාශ වී යාවි.