ගෙවුණු මාසයේ දී ශ්‍රී ලංකාව විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවල පෙර වසරට සාපේක්ෂව ප්‍රේෂණවල 57.5%කින් වැඩිවී ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.
ඒ හරහා 2023 දෙසැම්බර් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 569.7 ක ගලා ඒමක් වාර්තා කර ඇති බව ද මහබැංකුව පෙන්වා දේ.

ඒ අනුව, 2023 වසර සඳහා විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවල සමුච්චිත අගය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 5,969.6ක් වාර්තා වී ඇත.
එය 2022 වසරේදී පැවතියේ ඇමෙරිකානු ඩොලර් මිලියන 3,789.5ක් ලෙසයි.
