විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් යළි ගෙන්වීම ඇරඹේ

Picture of අසංක

අසංක

විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන් අනිද්දා සිට නැවත වරක් මෙරටට ගෙන්වීම ආරම්භ කිරීම‍ට රජය තීරණය කර ඇත.

ඒ අනුව මෙරටට යළි පැමිණීමට කැමැත්තෙන් සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට නැවත වරක් ඒ සඳහා අවස්තාව ලැබෙනු ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර සිටී.

මෙසේ මෙරටට ගෙන්වන, පළමු කණ්ඩායම ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ අබුඩාබිහි සිටින 550 ක පමණ පිරිසක් මෙරටට රැගෙන ඒමට නියමිතව ඇත.

කෙසේවෙතත් එම පිරිස් සීමීත වශයෙන් හා කොටස් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර ඇත.