විදෙස් නියෝජිතයන්ට සති 2ක අනිවාර්ය නිරෝධායනයක්

Picture of අසංක

අසංක

විදේශයන්හි සිට මෙරටට පැමිණෙන නියෝජිතයින් සති දෙකක අනිවාර්ය නිරෝධායනයකට ලක් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර ඇත.

අදාළ නියෝජිතයින් මෙරටට පැමිණීමට පෙර මෙන්ම පැමිණීමෙන් පසුව ද PCR පරීක්ෂණ සඳහා ලක්වීම අනිවාර්ය බවද වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කර ඇත.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතවීම වැදගත් බව ද වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් අද මාධ්‍ය වෙත සඳහන් කර ඇත.