නවතම පුවත්

විදෙස් මිළදී ගැනීම් ඉහළට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අද දින රු. බිලියන 4.57 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී රු. බිලියන 2.13 ක් විදේශීය මිල දී ගැනීම් ලෙස සටහන් වීම විශේෂත්වයකි. අද දින දේශීය මිල දී ගැනීම් රු. බිලියන 2.43 ක් ලෙසින් වාර්තා විය.

එමෙන්ම දේශීය විකිණුම් රු. බිලියන 4.21 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 354.17 ක් ලෙසින් දිනය තුළ වාර්තා වී තිබුණි.

අද දින සමාගම් 4කින් ගිවිසා ගනු ලැබූ ගනුදෙනු (Crossings) වාර්තා විය. එහිදී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් රු. බිලියන 1.71 ක්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. මිලියන 78.41 ක්, ඩයලොග් ආසියාටා රු. මිලියන 60.63 ක් හා රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි රු. මිලියන 29.31 ක් ලෙසින් ගිවිසා ගනු ලැබූ ගනුදෙනු වාර්තා විය.

මීට අමතරව ලංකා IOC රු. මිලියන 464.01 ක්, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් රු. මිලියන 346.17 ක් ACL කේබල්ස් රු. මිලියන 163.77 ක් හා රේනුකා ඇග්‍රි ෆුඩ්ස් රු. මිලියන 160.04 ක් ලෙසින් සාමාන්‍ය ගනුදෙනු හරහා දෛනික පරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දුන් සෙසු සමාගම් අතර පෙරමුණේ විය.

අද දින සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමට කොමර්ෂල් බැංකුව, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි, වැලිබල් වන්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ LOLC හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල පහළ යාම් විශාල වශයෙන් බලපාන ලදී.

image-51
බොලිවුඩ් ජයගත් ජැක්ලීන් හොලිවුඩයට !
image-49
ප්‍රභාකරන්ගේ දියණිය AI තාක්ෂණයෙන් ව්‍යාජව මතුවේ !
image-48
පිළිකා එන්නතෙනුත් කෝටි 11ක් වංචා කරලා !
image-47
රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගතකිරීමක් !
1111-2
විදේශ සේවාවෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 7ක්!
occ
‍IMF දෙවැනි වාරිකයට අවශ්‍ය ණය සහතිකයට එකඟතාව ලැබෙයි
economy sri lanka
ණයහිමියන්ගෙන් ශ්‍රී ලංකාවට සහනයක්
deshabandu thennakoon
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
Ranil_Wickremesinghe
ශ්‍රී ලංකාව 'හරිත ආර්ථිකයක්' කරා !
image-45
ලන්දේසීන් පැහැරගත් කෞතුක භාණ්ඩ යළි මෙරටට ගෙනේ !