විදෙස් සංචාරකයින්ට ඕස්ට්‍රේලියාවේ දොර ඇරේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විදෙස් සංචාරකයින් සඳහා රට විවෘත කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර ඇත  ඒ අනුව ලබන දෙසැම්බර් මස 01 වනදා සිට ඕස්ට්‍රේලියාව විදේශීකයින් සදහා විවෘත වනු ඇත

අධ්‍යාපන අවශ්‍යතා මත පැමිණීමට අපේක්ෂා කරන සිසුන්ට, ව්‍යාපාරික ප්‍රජාවට හා සංක්‍රමණිකයින්ට රටට ඇතුළු වීමට අවස්ථාව සලසා දීම සදහා එලෙස රට විවෘත කරන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත .

කෙසේවෙතත් කොවිඩ් මර්දන එන්නත්කරණය යටතේ පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට එරටට ඇතුළු වීමට අවස්ථාව හිමිවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී .

ඕස්ට්‍රේලියාව සංචාරකයින්ට සිය රට විවෘත කිරීම හමුවේ පළමු සංචාරකයින් පිරිස ලෙස දකුණු කොරියානු හා ජපාන සංචාරකයින් පිරිසක් එරටට පැමිණීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත