විදෙස් සංචාරකයින්ට රට යලි විවෘතවේ – යුක්‍රේනයෙන් 185ක් මත්තලට ගොඩබසී

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වසංගත  තත්වය හේතුවෙන්  සංචාරකයන් සදහා වසා තිබූ මෙරට ගුවන් තොටුපළ මාස 09 කට පසුව නැවත විවෘත කරමින් , යූක්‍රේන සංචාරකයන් 185 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් අද දින පස්වරු 2.07 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

ස්කයි අප් ගුවන් සේවයේ ( Sky Up Air Line ) පී.කිව්.555 දරන ගුවන් යානය අද දින පස්වරු 2.07 ට මෙසේ  මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබින .

එම සංචාරකයින් පිරිස දින 10ත් 14ත් අතර කාලයක් මෙරට රැඳී සිටිනු ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කර ඇත

මෙසේ ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීම නියමු ව්‍යාපෘතියක් සේ ක්‍රියාත්මක වේ. මෙහි සාර්ථකභාවය මත ඉදිරියේදී සියලු ගුවන් තොටුපළ විවෘත කර පුළුල් වශයෙන් සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සිදු කිරීමට නියමිතය.

මෙම නියමු ව්‍යාපෘතිය යටතේ මේ ආකාරයට ගුවන් යානා 13 ක් මගින් මත්තල ගුවන් තොටුපළ වෙත විදේශීය සංචාරකයන් රැගෙන ඒමට නියමිත බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂක ෂෙහාන් සුමනසේකර සදහන් කළේය