විදෙස් සංචාරකයින් පැමිණීම ඉහළට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

වසරේ ගත වූ මාස 2 තුළ මෙරටට සංචාරකයින් පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටී

 

කොවිඩ් -19 වසංගත ව්‍යාප්තිය හමුවේ වසා දැමුණු ගුවන් තොටුපොළ නැවත විවෘත කිරීමත් සමඟ මෙරටට සංචාරකයින් පැමිණීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව එම අධිකාරිය සඳහන් කර ඇත

 

පසුගිය ජනවාරි මාසයේදී සංචාරකයින් 1,682 කු මෙරටට පැමිණ ඇති අතර පෙබරවාරි මාසයේදී සංචාරකයින් 3,366 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

 

ඒ අනුව මෙම වසරේ ගත වූ කාලය තුළ සංචාරකයින් 5,048 දෙනෙකු මෙරටට පැමිණ ඇත.