විදෙස් සංචාරකයින් පැමිණීම ඉහළට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට සංචරණ සීමා  ලිහිල් කිරීමෙන් අනතුරුව ගෙවූ සති දෙකක  කාලය තුළ 7,000කට අධික සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යංශය පවසයි.

ඒ අනුව පසුගිය ඔක්තෝබර්  1 දින සිට 13 දක්කවා කාලය තුල සංචාරකයින්  7,096 දෙනෙක් මෙරටට පැමිණ ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

ඉන්දියාව, කසකස්ථානය, ජර්මනිය, යුක්රේනය, චීනය, කැනඩාව, ඇමෙරිකාව, ප්‍රංශය සහ රුසියාව යන රටවලින් එම සංචාරකයින් මෙරටට පැමිණ තිබේ.

පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා සංචාරකයන් 45,413දෙනෙකු මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණීමේ ප්‍රවණතාවයක් ඇතිවෙමින් තිබෙන බව සංචාරක අමාත්‍යංශය සඳහන් කළේය.

ඉදිරි මාස දෙක තුළ සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක කෙරෙන බව ද වාර්තා වේ.

එමෙන්ම සංචාරක සංවර්ධන අධිකාරියේ මෙතෙක් ලියාපදිංචි නොවු සංචාරක හෝටල්, වාසස්ථාන හා සංචාරක සේවා සපයන්නන් එම අධිකාරියේ ලියාපදිංචි වීම සඳහා මේ දිනවල විශේෂ උනන්දුවක් දක්වන බව ද සංචාරක අමාත්‍යංශ ප්‍රකාශකයෙකු පැවසීය.