2022 වසරේ දෙසැම්බර් 26 දින දක්වා කාලසීමාව තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 701,331 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ.
2022 දෙසැම්බර් මාසය තුළ දී මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 73,314 ක් වන අතර එය පසුගිය 2022 මාර්තු මාසයේ න් පසු එක් මාසයක් තුළ දී මෙරටට පැමිණ ඇති වැඩිම සංචාරකයින් ප්‍රමාණය වේ.
දෙසැම්බර් මාසය තුළ රුසියානුවන් 15,681 ක් සම ඉන්දියානුවන් 13,892 ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසන්නේ මෙම වසරේ සංචාරක පැමිණීම් 720,000 ක ඉලක්කය සපුරා ගැනීමට හැකිවෙතැයි තමන් විශ්වාස කරන බවයි.


