විදේශගත ශ්‍රමිකයින් එවන ඩොලරයකට රුපියල් 38ක දිරි දීමනාවක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විදේශ ගතව සිටින ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන අමෙරිකානු ඩොලරයක් සඳහා ගෙවනු ලබන රුපියල් 10.00 දිරි දීමනාව  රුපියල් 38 දක්වා ඉහල  දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත ,

ඒ අනුව විදේශ රටවල සිටින ශ්‍රමිකයින් එවනු ලබන අමෙරිකානු ඩොලරයක් සඳහා අමතර  රුපියල් 38ක් හිමිවනු ඇත .

මිට අමතරව අපනයනකරුවන් දිරි ගැන්විම සඳහා ලැබෙන අමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 30ක් ගෙවීමට වෙළෙඳ අමාත්‍යවරයා විසින් ගෙනා යෝජනාවට ද ඊයේ දිනයේදී කැබිනට් අනුමැතිය හිමිව ඇත.

එහිදී පෙර කාර්තුවට වඩා උපයනු ලබන අපනයන ආදායමට වඩා උපයනු ලබන සෑම ඩොලරයක් වෙනුවෙන් මෙම දිරි දීමනාව ගෙවීමටයි නියමිතව ඇත්තේ.