විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා යළිත්

Picture of අසංක

අසංක

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා හෙට (11) සිට නැවත ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් අත්හිටුවා තිබූ කොන්සියුලර් අංශයේ ලේඛන සහතික කිරීමේ කටයුතු එලෙස ආරම්භ කළ බව අමාත්‍යාංශය නිවේදනය කර ඇත

ඒ අනුව, 0112 33 88 12 යන දුරකථන අංකය ඇමතීමෙන් හෝ consular.mfa.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් කලින් දිනයක් වෙන්කරවාගෙන පැමිණිය හැක

කෙසේ වෙතත් දිනපතා පෙරවරු 10 සිට පස්වරු 2 දක්වා සේවා ක්‍රියාත්මක වන්නේ සීමිත පිරිසකට පමණි.