විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ කටයුතු සීමා කරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ කටයුතු සීමා කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන ති​බේ. ඒ අනුව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් සහ මාතර, වවුනියාව, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාලවලින් සීමිත සේවා ලාභීන් පිරිසක් සඳහා බලපත්‍ර ලබා දීමටයි තීරණය කර ඇ​ත.

තමන් පදිංචි ස්ථානයට ආසන්නම කාර්යාලයෙන් එම සේවා ලබාගත හැකි අතර, ඊට පෙර ඇමතුමක් ලබාදී දිනයක් වෙන් කරගත යුතු වන අත​ර උදෑසන නවයත් පස්වරු එකත් අතර එම කාර්යාල විවෘතව පවතින අතර, එම කාලය තුළ දිනයක් සහ වේලාවක් වෙන් කරවාගැනීමට හැකියාව පවතියි.