විදේශ රැකියා ක්ෂෙත්රයේ ආදායම් ඉහළ නැංවීම සඳහා තුන් අවුරුදු සැලැස්මක් සැකසීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පියවර ගෙන ඇත .
ඒ අනුව ඒ සඳහා සය පුද්ගල කමිටුවක් පත් කිරීමටද කාර්යංශය මේ වනවිට කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ, බලපත්‍රලාභී රැකියා ලාභීන්ගේ හා විදේශ රැකියාවන්හි නිරත වන්නන්ගේ සුභසාධනය හා ආදායම් වැඩිකිරීම කෙරෙහි මෙම කමිටුව අවධානය යොමු කරනු ඇත.
මෙම සය පුද්ගල කමිටුවේ සභාපතිවරයා ලෙස කාර්යංශයේ අධ්යක්ෂ ප්‍රදීප් නියදඬුපොළ මහතා කටයුතු කරන අතර නියෝජ්‍ය සාමාන්‍යධිකාරි මංගල රන්දෙණිය සහ කාර්යංශයේ නිලධාරින් වන මධුෂාන් කුලරත්න ,ධනුක සමරක්කොඩි, මංජුල බටගොඩ, ගිහාන් ධනුෂ්ක යන මහත්වරුද කටයුතු කරති.