විදේශ රැකියා සඳහා කොරෝනා වෛරසය පැතිර ඇති රටවල්වලට පිටත්ව යාම කල් දමන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
වෛරසය පැතිරී ඇති රටවල වෙසෙන ශ්‍රමිකයින් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස තානාපති කාර්ය මණ්ඩලවලට උපදෙස් දී ඇති බව එම කාර්‍යංශය පෙන්වා දෙයි.
විදේශගතව සේවය කරන ශ්‍රී ලාංකිකයින් හා විදේශ ගතවීමට අපේක්ෂිත ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගනු ලබන්නේ ඒ ඒ රටවල බලධාරීන් ලබා දෙන උපදෙස් අනුව ය.
ශ්‍රමිකයින් විදේශ රැකියා සඳහා යොමු වන්නේ නම් සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිපැදීම අනිවාර්ය බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි.
මේ අතර සෞදි අරාබියෙන් හමුවූ ලාංකික කොරෝනා රෝගීන් දෙදෙනා සම්බන්ධයෙන් කටයුතු කිරීමට ද රජය පියවර ගනිමින් සිටියි.