විධායක ජනපති ක්‍රමය අහෝසි කරන යෝජනාව කැබිනෙට්ටුවට – සජිත් පිළ එරෙහි වෙයි

Picture of අසංක

අසංක

විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් අද කැඳවූ හදිසි කැබිනට් රැස්වීමට ඉදිරිපත් වී තිබේ.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ පිල විඓන් ඊට විරෝධය දැක්වූ බව ආරංචි මාර්ග පවසයි.

මේ අතර ජනාධිපතිවරණයට පෙර විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ කිසිදු පියවරකට එකඟ නොවන බවට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද අද ප්‍රකාශ කළේය.

"විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ඕනෑම පියවරකට අපි විරුද්ධ වෙමු. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම අගමැතිවරයාට දන්වා සිටියේ ජනාධිපතිවරණයෙන් පසුව මේ සම්බන්ධයෙන් ඕනෑම පියවරක් ගත හැකි බවයි. ජනාධිපතිවරණයක් පැවැත්වීමට දින ප්‍රකාශයට පත්කිරීමෙන් පසු එය අහෝසි කිරීමට කටයුතු කිරීම නිවැරදි පිළිවෙල නොවේ" යැයි හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.