විපක්ෂය, ගොවි ජනතාව රවටා , රට අරාජික කරන්නට උත්සාහ කරනවා !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනතාව නොමග යවමින් රට අගාධයට ඇද දැමීමට පසුගිය ආණ්ඩු කළ කණ්ඩායම් නැවතත් එක්ව සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි

කුමන අභියෝග හමුවේ වුව ද “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් වූ පොරොන්දු ප්‍රකාරව ගොවි ජනතාවගේ ආදායම සියයට සියයකින් ඉහළ නැංවීමටත් රටත් ජනතාවත් ආරක්ෂා කිරීමටත් තමා කැපවන බව ද ජනාධිපතිවරයා  සඳහන් කළේය .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැළි මාලාවේ “පළමු පොදුජන රැලිය” අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර සිටියේය .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මතාගේ  ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී පොදුජන රැලිය පැවැත්වින

“පොහොර නැතුව හරි ඇතුව හරි ගොවි ජනතාවගේ ආදායම 100%කින් මම වැඩිකරනවා. උදුර ගත්තු ඉඩම් ටික ලබාදුන්නා. ගොවිජනතාව වෙනුවෙන් කැපවෙන්න මම සූදානම්.කෘෂිකර්මාන්තය වෙනුවෙන් කිසිම දෙයක් නොකරපු අය අද ගොවියව රවට්ටලා. රට අගාධයට ඇද දාන්න හදනවා.”

“පසුගිය අවුරුදු 5 මොකද කළේ. අන්තිමට බෝම්බ ගහලා නැවතුනේ. මාත් සමග එකතුවන්න. විශ්වාසය තබන්න. නැවතත් අපිට රට වහන්නට ඉඩ තියන්න එපා. එන්නත් ලබාගන්න.”

“වැඩවර්ජන කරන අයගෙන් මම ඉල්ලනවා ජනතාව දිහා බලන්න. ඔබේ වගකීම තියෙන්නේ ආණ්ඩුව වෙනුවෙන් නෙමෙයි. ජනතාව වෙනුවෙන්.” මෙහිදී ජනාධිපතිවරයා පැවසීය

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති මෙසේද පැවසීය ,

අවුරුදු පහක් රට පාලන කර කෘෂිකර්මාන්තට කිසිම දෙයක් නොකළ විපක්‍ෂය අද ගොවි ජනතාව රවටා රට අරාජික කිරීමට උත්සහ කරනවා.වර්තමාන රජය ලබාගත් ජයග‍්‍රහණ බොරු ප‍්‍රචාරවලට රැවවී පාවාදීමට සූදානම් නොවිය යුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.
විපක්‍ෂය එදා බොරු ප‍්‍රචාර කර මහින්ද රාජපක්‍ෂ මහතාට ජනතාව නැතිකර ආණ්ඩුව පෙරළල එදා තහවුරු කළ ජාතික ආරක්‍ෂා විනාශ කර දැමීම්මා. ඒ නිසා පාස්කු ප‍්‍රහාරය වැනි විනාශයන්ට මුහුණ දීමට ජනතාවට සිදුවූණා. යහපාලන ආණ්ඩුව බුද්ධ ශාසනය, රටේ සංස්කෘතිය සහ රටේ ස්වෛරීත්වය විනාශ කළා.

වර්තමාන ආණ්ඩුව නැවතත් ජාතික ආරක්‍ෂාව තහවුරු කර ආගමට සහ සංස්කෘතියට නැතිවී ගිය කූරගල සහ දීගවාපිය වගේ සංස්කෘතික උරුමයන් එකතු කළා. දේශීය සහ විදේශීය බලවේග මේ රජය පෙරළන්නට උත්සාහ කරනව.

රජය නොසිතු විරු අන්දමට ‘කොවිඞ්’ වසංගත අභියෝගය පැමිණිය ද නායකයෙක් හැටියට අභියෝගයට මුහුණ දුන්නා.
වැඩවර්ජන කරන අය මේ අවස්ථාවකදී ජනතාව දිහා බලා කටයුතු කළ යුතුයි. වැඩවර්ජන කරන අයගේ වගකීම ජනතාව වෙනුවෙන් තිබෙනවා. ඒ හේතුවෙන් ජනතාවට සේවය කරන ලෙස රාජ්‍ය සේවකයින්ගනේ ඉල්ලා සිටිනවා. ඉදිරි වසර තුන තුළ වගකීමෙන් කටයුතු කරන්න ලෙස ඉල්ලා සිටින බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කියා සිටියේය.

.