විල්පත්තුව එළිකළ රිෂාඩ්ට තම වියදමින් වනවගා කරන්නැයි උසාවි තීන්දුවක්

Picture of අසංක

අසංක

විල්පත්තුවේ එළිකළ කල්ලාරු රක්ෂිතයේ නැවත වන වගාකිරීම තම පෞද්ගලික වියදමින් කරන ලෙස අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට නියෝග කර තිබේ.

ඒ, විල්පත්තු අභය භූමිය අසල පිහිටා ඇති කල්ලාරු රක්ෂිතය එළිකිරීම සම්බන්ධයෙන් වූ නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.

එම රක්ෂිතය එළිකිරීම නීතිවිරෝධී බවට ද අභියාචනාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පවසා ඇත.