නවතම පුවත්

විශ්වයේ රහස් සැගවූ කළු කුහරයේ සැබෑ සේයාරුව එළිදැක්වේ

අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටි ආරච්චි

විශ්වයේ පවතින මෙතෙක් සැබැවින්ම නොදුටු ‘කළු කුහරයේ’ සැබෑ ඡායාරූපයක් එළිදැක්වීමට විද්‍යාඥයන් සමත්වී තිබේ.

මෙම ඓතිහාසික ඡායාරූපය ඉවෙන්ට් හොරයිසන් ව්‍යාපෘතියේ විද්‍යාඥයින් විසින් එළිදක්වා තිබුණේ බෙල්ජියම, චිලී, ෂැංහයි, තායිපේ, ජපානය හා අමෙරිකාවේ එකම අවස්ථාවකදී වීම විශේෂත්වයකි.

සූර්යයාට වඩා බිලියන 6.5 ගුණයකින් කළු කුහරය විශාල බව විද්‍යාඥයන්ගේ අදහසයි.

ඉවෙන්ට් හොරයිසන් දුරේක්ෂ ව්‍යාපෘතිය මගින් මෙම ඡායාරූප ලබාගැනීම කර ඇත්තේ රේඩියෝ දුරේක්ෂ 8ක දත්ත විශ්ලේෂණය හා විශේෂ ක්‍රමවේද ඔස්සේයි.

මේ සමග වසර 100කටත් එයා කියූ අයින්ස්ටයින්ගේ කළු කුහරය පිළිබද න්‍යාය යළිත් වරක් තහවුරු වූ බව ඔවුහු පෙන්වා දෙති.

පෘථිවියට ආලෝක වර්ෂ මිලියන 50ක් ඈතින් පිහිටි මෙම කළු කුහරය පිහිටා ඇත්තේ මෙසියර් 87 චක්‍රාවාටයේ ක්ෂිර පථය මධ්‍යයේ බව පැවසේ.

කළු කුහරය යනු සදාකාලිකවම නැතිව යන ගුරුත්වාකර්ෂණයකින් යුතු තැනක් බවට සැළකේ. ඡායාරූපයේ පෙනෙන පරිදි කළු කුහරය වටා ඇති දීප්තියෙන් යුක්ත එළිය එහි ගුරුත්වාකර්ෂණය පෙන්නුම් කරන්නක් බව විද්‍යාඥයෝ පවසා තිබේ.

විශ්වයේ රහස් ප්‍රකෝටි ගණනින් සැගවී පවතින  කළු කුහරය පිළිබද මෙම ඓතිහාසික ජයග්‍රහණයත් සමග විශ්වයේ සැගව ඇති බොහෝ අභිරහස් විසදාගත හැකිවනු ඇති බව ද විද්‍යාඥයෝ මත පළකරති.

ඡායාරූප එළිදක්වන අවස්ථාවේදී එම විද්‍යාඥයින් පවසා ඇත්තේ ‘කවුරුත් නොදුටු දේ අපි දැක්කා’ යනුවෙනි.

කළු කුහරය ඇති බවට විද්‍යාත්මකව තහවුරු කර තිබුණ ද එහි සැබෑ ඡායාරූපය හෝ ගැනීමට හැකිවෙතැයි කිසිසේත් අනුමාන නොකළ බවත් වසර ගණනාවක අතිමහත් පරිශ්‍රමයකින් මෙම අවස්ථාව උදාකරගත හැකිවූ බවත් විද්‍යාඥයෝ පවසා තිබේ.

මෙවැනි වක්‍රවාට බොහොමයක් විශ්වයේ පවතින බව කියැවෙන අතර එලෙසටම කළු කුහර දැවැන්ත ප්‍රමාණයක් ද විශ්වයේ ඇති බවට සැළකේ.

කළු කුහරෙයේ සැබෑ සේයාරුව

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !