“විශ්වාසභංගයේ ඡන්දයට කලින් බදියුදීන් ඉල්ලා අස්විය යුතුයි” -නිරෝෂන්

Picture of අසංක

අසංක

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට අදාලව ඡන්දය විමසීමට පෙර රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සියධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප්‍රකාශ කර සිටී.

එසේ නොවුනහොත් එම විස්වාසභංගයෙදී තමන් ඊට පක්‍ෂව ඡන්දය ලබාදීමට තීරණය කල බව හෙතෙම සඳහන් කළේ අද පස්වරුවේ පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

” පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් පිලිබදව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා යුධ හමුදාපතිවරයට බලපෑම් කල බව මේ වන විට සනාථ වී තිබෙනවා. යුධ හමුදාපති ප්‍රකාශ කර තිබෙනවා අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් අමාත්‍යවරයා තමන්ට දුරකථන ඇමතුම් ලබා දුන් බව, ඒ වගේම අමාත්‍යවරයාත් ඇමතුම් ලබා දුන් බව පිළිගෙන තිබෙනවා. මෙම තත්ත්වය මත ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කටයුතු වලට අමාත්‍යවරයාගේ හැසිරීමෙන් බලපෑමක් සිදුවන බවට ප්‍රබල සමාජ මතයක් ගොඩනැගී තිබෙනවා. මේ නිසා . එසේ නොවුනොත් විශ්වාසභංග යෝජනාවේදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරනවා