නවතම පුවත්

විස්සයි විස්ස පළමු ජය ඉන්දියාවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දෝර්හිදී ඊයේ (07) පැවැති දෙවැනි තරගයෙන් ඉන්දීය පිල කඩුලු 7 ක පහසු ජයක් ලැබීය. ඉන්දීය පිල මෙම ජයග්‍රහණයත් සමඟ 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගත්තේය. ඉන්දීය පිල ලකුණු 143 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 17.3 කදී කඩුලු 3ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය. ශ්‍රියාස් අයියර් පන්දු 26 කදී හතරේ පහර තුනක් සහ හයේ පහරක් සමගින් රැස්කළ ලකුණු 34 න් ජයග්‍රහණය ඉක්මන් විය. විරාට් කෝලි පන්දු 17 කින් හතරේ පහරක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුනු 30 ක් රැස්කළේය.
ඉන්දීය ආරම්භක පිතිකරුවන් වූ ලෝකේෂ් රාහුල් (45) සහ ශිකර් ධවාන් (32) පන්දු 55 කින් ලකුණු 71 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණය පහසු කළහ. වනිඳු හසරංග, ශ්‍රී ලංකා පිලේ එකම සාර්ථක පන්දු යවන්නා බවට පත්වෙමින් ලකුණු 30 කට කඩුලු දෙකක් දවාගැනීමට සමත් විය. ඉන්දීය තණතීරු පිළිබඳව වැඩිම දැනුමත් ඇති පන්දු යවන්නා වන නායක ලසිත් මාලිංග යැවූ ඕවර හතරට ඉන්දීය පිතිකරුවෝ 41 ක් රැස්කිරීමට සමත් වූහ.     ජස්ප්‍රීට් බුම්රා ක්‍රියාත්මක කළ ඉනිමේ අවසන් ඕවරයේ අවසන් පන්දු තුනට වනිඳු හසරංග ගැසූ හතරේ පහර තුනත් සමඟ ශ්‍රී ලංකා පිලට ලකුණු 142 ක් දක්වා ඒමට අවස්ථාව උදාවිය. කුසල් පෙරේරා පන්දු 28 කින් හයේ පහර තුනක් සමගින් ලකුණු 34 ක් ලබා සිටියදී සිවුවැනි කඩුල්ල ලෙස දැවී යෑමෙන් පසුව ශ්‍රී ලංකාවට විශාල ලකුණු සංඛ්‍යාවකට යෑමේ බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය.
 
ප්‍රවේගකාරී පිතිකරුවකු ලෙස සැළකෙන ධනුෂ්ක ගුණතිලක පන්දු 21 කින් ලකුණු 20 ක් පමණක් රැස්කළේය.
අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 16 කින් ලකුණු 22 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්විය. අවිෂ්කගේ ඉනිම අලංකාර හතරේ පහර පහකින් වර්ණවත්විය. අවිෂ්ක සහ ධනුෂ්ක අතර පන්දු 29 කින් ලකුණු 38 ක සම්බන්ධතාවක් ගොඩනැගුණි. මෙම තරගාවලියට සහභාගිවී සිටින සංචිතයට ජ්‍යෙෂ්ඨ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත්ව සිටිය ද මෙම තරගයේදී ද කණ්ඩායමේ ස්ථානයක් හිමිනොවීය.   ඉන්දීය නායක විරාට් කෝලි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.
දෙරට අතර තෙවැනි සහ අවසන් විස්සයි20 තරගය ලබන සිකුරාදා (10 වැනිදා) පූනේහිදී පැවැත්වේ.
image-51
බොලිවුඩ් ජයගත් ජැක්ලීන් හොලිවුඩයට !
image-49
ප්‍රභාකරන්ගේ දියණිය AI තාක්ෂණයෙන් ව්‍යාජව මතුවේ !
image-48
පිළිකා එන්නතෙනුත් කෝටි 11ක් වංචා කරලා !
image-47
රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගතකිරීමක් !
1111-2
විදේශ සේවාවෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 7ක්!
occ
‍IMF දෙවැනි වාරිකයට අවශ්‍ය ණය සහතිකයට එකඟතාව ලැබෙයි
economy sri lanka
ණයහිමියන්ගෙන් ශ්‍රී ලංකාවට සහනයක්
deshabandu thennakoon
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
Ranil_Wickremesinghe
ශ්‍රී ලංකාව 'හරිත ආර්ථිකයක්' කරා !
image-45
ලන්දේසීන් පැහැරගත් කෞතුක භාණ්ඩ යළි මෙරටට ගෙනේ !