20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට නව සංශෝධන 3ක් ඇතුළත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි.
අද (19) පැවති කැබිනට් මණ්ඩල හමුවේදී එම තීරණය ගෙන ඇත.
ඒ අනුව, විගණනයෙන් රාජ්‍ය සමාගම් ඉවත් කිරීම, අමාත්‍ය මණ්ඩලය වැඩි කිරීම හා හදිසි පනත් ගෙන ඒම යන කරුණු තුන යළි සංශෝධනය කිරීමට එකඟ වී ඇතැයි වාර්තා වේ.
කෙසේවෙතත් සමාජය තුළ මහත් ආන්දෝලනයට තුඩුදෙන කරුණක් වූ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය යන කරුණ වෙනස් නොකෙරෙනු ඇති බව ද් සඳහන් ය.
20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන ඔක්තෝබර් 21 වැනිදා සහ 22 වැනිදා පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතය.
මේ අතර 20 වැනි සංශෝධනයේ ඇති ඇතැම් එකඟ විය නොහැකි වගන්ති සංශෝධනය කිරීමටත්, රටට සුදුසු නව ව්‍යවස්ථාවක් ගෙන ඒමටත් පියවර ගන්නා ලෙස මල්වතු අස්ගිරි පාර්ශවයේ හිමිවරු රජයෙන් ඉල්ලා සිටිති.
වත්මන් ආණ්ඩුව ගෙන ඒමට මුල්වී ක්‍රියා කළ ස්වාමීන් වහන්සේලා කිහිපනමක් ද මෙම ඉල්ලීම කර ඇත.
මීට පෙරද ස්වාමින්වහන්සේලා මෙන්ම කතෝලික ක්‍රිස්තියානි ආගම් හිමිවරු ද මෙම ඉල්ලීම කර තිබුණි.
වත්මන් ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරු ද නව සංශෝධනය තවදුරටත් සංශෝධනය විය යුතු බව අවධාරණය කර ඇත.