එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන වෘත්තීයන් 35කට අයත්
සියලු විදේශිකයන් ඉවත් කර රටින් පිටකිරීමට එරට රජය පියවර ගෙන තිබේ.
ඒ අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ය.
එරට මානව සම්පත් අමාත්‍යාංශය ඊයේ මෙම නිවේදනය කළේය.
එරට විරැකියා අර්බුදයට විසඳුමක් ලෙසත්, ස්වදේශීය උපාධිධාරී තරුණ ප්‍රජාව ශ්‍රම බළකායට එක් කරගැනීමට උදෙසාත් මෙම පියවර ගෙන ඇත.
එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව රාජධානි සංකල්පය යටතේ මේ වසර අවසානයට පෙර එම වෘත්තීන් 35ට අයත් අවුරුදු 40ට වැඩි සියලුම විදේශිකයන් ඉවත් කිරීමට සැලසුම් කර ඇත.
මෙම පියවර යටතේ එලෙස ඉවත් කරනු ලබන සේවකයන්ගේ එරට තුළ පදිංචිය දීර්ඝ නොකිරීමටත් තීරණය කර තිබේ.
අබුඩාබි, ඩුබායි, සාජා, අජ්මාන්, ෆුජයිරා, රාස් අල් කයිමා, උම් අල් කුවයින් යන රාජ්‍යන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ය.
මෙලෙස විදේශිකයන් ඉවත් කරන වෘත්තීන් පහත පරිදි වේ.
1.ඖෂධවේදී
2.සහකාර ඖෂධවේදී
3.වෛද්‍ය ලේකම්
4.මූල්‍ය පරිශීලන
5.පරිපාලන ලිපිකරු
6.රැකියා සබඳතා
7.ගබඩා භාරකරු
8. නව ව්‍යාපාර
9.සහය නිලධාරීන්
10.මානව සම්පත් නිලධාරීන්
11.පෞද්ගලික කළමනාකරු
12.මානව සම්පත් කළමනාකරු
13.පිළිගැනීමේ නිලධාරින්
14.රැකියා ඒකකවල රැකියා නියුක්තියන්
15.භාණ්ඩාගාර
16.රාජ්‍ය දෙපාර්තමේන්තු පරිශීලන අංශ
17. ආරක්ෂක නිලධාරීන්
18.පරිපාලන කළමනාකාර
19.පුස්තකාලයාධිපති
20.පුහුණු කළමනාකාර
21.ගැනුම් කළමනාකාර
22.පොත් අලෙවිකරු
23.තැපැල් බෙදාහැරීම්
24.පරිපාලන සහකාර
25.ගැනුම් නිලධාරී
26.මෝටර් රථ අලෙවි නියෝජිත
27.තොරතුරු පටිගත කිරීම්
28. මධ්‍යම ආඥාපති
29.නේවාසික සුපරීක්ෂක
30.ලේකම්
31.සේවාදායක ගණකාධිකාරි
32.ණය එකතුකිරීම්
33.කැෂියර්
34.ලේඛන කටයුතු
35.සංචාරක මඟපෙන්වන්නන්
ප්‍රබෝධා හෙට්ටිආරච්චි