වෘත්තීය සමිති ව්‍යාපාරය නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළයුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කර සිටී
ඒ අනුව වෘත්තීය සමිතිවල කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා වෘත්තිය සමිති ආඥා පනත ද සංශෝධනය කළ යුතු බවත් අමාත්‍යවරයා .පැවසීය
දඹුල්ල කම්කරු කාර්යාල ගොඩනැගිල්ල වීවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය
“අපි මේ වෘත්තීය සමිති ආඥා පනතත් වෙනස් කරන්න ඕනේ. වෘත්තීය සමිති ක්ෂේත්‍රයෙත් මේ කාන්තා නියෝජනය තියෙන්න ඕනේ. මොකද මේ රටේ සමස්ත ශ්‍රම බලකායෙන් 35%ක් කාන්තාවෝ. අනෙක් කාරණය, මේ වෘත්තීය සමිති දේශපාලනය සමග බැඳෙන්නේ නැතුව නිදහස් වෙන්න ඕනේ. නැතිනම් වෘත්තීය සමිති, සමිති අතර ගැටුම් නිසා විසඳන්න බැරි ගැටලු ඇති වෙනවා.