වෙන්දේසියට තැබූ භාණ්ඩාගාර බැඳුම්කරවලින් 14% විකිණිලා නෑ

Picture of අසංක

අසංක

පසුගිය දින කිහිපය තුල වෙන්දේසියට ඉදිරිපත් කළ භාණ්ඩාගාර බැඳුම්කරවලින් 14%ක් අලෙවි නොවූ බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත මගින් අනාවරණය වී ඇත.

රුපියල් බිලියන 40ක වටිනාකමකින් යුත් බැදුම්කර ඊයේ වෙන්දේසියට ඉදිරිපත් කර ඇතත් එයින් අලෙවි වී ඇත්තේ බිලියන 34 යි දශම 3 ක් පමණි.

මාස 3කින් කල් පිරෙන මිලියන 5500 ක වටිනාකමකින් යුත් බැඳුම්කර භාණ්ඩාගාර වෙන්දේසියට ඉදිරිපත් කර ඇත්තේ සියයට 4යි දශම 6යි 5 ක විකිණුම් අනුපාතයක් යටතේදීය.

සය මසකින් කල් පිරෙන රුපියල් මිලියන 12,500ක වටිනාකමකින් යුත් බැඳුම්කර සියයට 4යි දශම 7යි 6ක විකිණුම් අනුපාතයක් යටතේ වෙන්දේසියට ඉදිරිපත් කෙරිණි.

වසරකින් කල් පිරෙන රුපියල් මිලියන 20,000ක වටිනාකමකින් යුත් බැඳුම්කර සියයට 5ක විකිණුම් අනුපාතයක් යටතේ වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන අතර එයින් අලෙවි වී ඇත්තේ මිලියන 13,244 ක් පමණි.

වෙන්දේසියේදි එහි විකිණුම් අනුපාතයේ කිසිදු වෙනසක් සිදුව නොමැත.