කොළඹ මහාධිකරණය මගින් තමන්ට ලබාදී තිබෙන මරණ දඩුවම ඉවත් කරන ලෙස ඉල්ලා ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේසුදා නමැත්තා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම ලබන 15 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ද තීරණය කළේය.
අදාළ අභියාචනා පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන දීපාලි විජේසූන්දර මහත්මිය සහ අචල වෙන්ගප්පුලි මහතා ඉදිරියේ සළකා බැලිණි.
2008 වසරේදී ගල්කිස්ස ප‍්‍රදේශයේ දී හෙරොයින් ග‍්‍රෑම් 7කට ආසන්න ප‍්‍රමාණයක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් 2015 ඔක්තෝබර් 14 වැනිදා වෙලේ සුදා කොළඹ මහාධිකරණය මගින් මරණ ද`ඩුවම නියම කරන ලදී.
ඉෂාර රත්නකාර