ඉෂාර රත්නකාර
හෙරොයින් ග්‍රෑම් 7.05ක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට කොළඹ මහාධිකරණය මගින් ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේසුදා නමැති විත්තිකරුට පනවා තිබූ මරණ දඩුවම අභියාචනාධිකරණය අද ස්ථිර කළේය.
තමන්ට නියම කර තිබූ මරණ දඬුවමට එරෙහිව විත්තිකරු ඉදිරිපත් කළ අභියාචනය නිෂ්ප්‍රභ කළ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන දීපාලි විජේසුන්දර මහත්මිය සහ අචල වෙංගප්පුලි මහතා විසින් එම තීන්දුව ලබාදුන්හ.