කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ බවට සැකකරෙන පුද්ගලයෙකු මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසන්නේ අදාළ ප්‍රදේශයේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව යි.
මෙරටින් පළමු වරට ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වුවන් හඳුනා ගැනුනේ දෙමටගොඩ, ආරාමය ප්‍රදේශයෙනි. ඒ සමඟම එම ප්‍රදේශය සීල් තබා ඇති අතර දිවයිනේ සංචරණ සීමා ඉවත් කළ ද එම ප්‍රදේශය හුදෙකලා කර වහාම එන්නත්කරණය සිදුකිරීමට මේ වනවිටත් රජය කටයුතු කරමින් සිටී.