වේයන්ගොඩ, කුඹල්ඔලුව ප්රදේශයේදී තියුණු ආයුධකයින් පහර දී පුද්ගලයකු අද අලුයම ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහර දීම සිදු කර ඇතැයි සඳහන් ය.
ආරවුලෙන් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.
එහිදී එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 29 හැවිරිදි වේයන්ගොඩ පදිංචිකරුවෙකි.
ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයා පොලීසිය විසින් හඳුනාගෙන ඇත.
සැකකරු ප්රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු සොයා විමර්ශන ක්රියාත්මකයි.