වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සඳහා ගැසට් නිවේදනය සූදානම් – රාජිත

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට යවා තිබෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (22 ) පැවසීය. එම ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා යවා ඇතැයි  දැනගෙන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩවර්ජනයක් කැඳවා තිබෙන බවද ඇමතිවරයා සඳහන් කළේය.

එම වැඩවර්ජනය හේතුවෙන් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ලැබුණේයැයි ප්‍රකාශ කිරීමට වෙද්‍යෙ නිලධාරින්ගේ සංගමය සැලසුම් කර තිබෙන බවද හෙතෙම කීය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

වැඩවර්ජන වෘත්තීය සමිතිවල පැරණි ක්‍රමයන් බවද ඒ මහතා ප්‍රකාශ කළේය. එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි  දයාසිරි ජයසේකර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න මහතා මේ බව කියා සිටියේය.