එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාවේ ආර්ථික අපරාධ සම්බන්ධයෙන් කරුණු දැක්වීම ගැටලු සහගත බව හිටපු මානව හිමිකම් කොමසාරිස් නීතිවේදී ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා පවසනවා. ශ්‍රී ලංකාවට ආධාර ලබාදීම වැළැක්වීම එහි අරමුණක් විය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.