මෙරට 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත්වෙයි.
ඒ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ පාර්ලිමේන්තුවේ මීට ටික වේලාවකට පෙර පැවති රහස් ඡන්ද විමසීමෙන් ඔහු ඡන්ද 134 ක් ලබාගෙනය.
සෙසු ජනාධිපති අපේක්ෂකවරුන් වූ ඩලස් අලහප්පෙරුම මහතා ඡන්ද 82 ක් සහ අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 3ක් ලබාගෙන තිබුණි.
ප්‍රකාශිත ඡන්ද 223න් 4ක් අවලංගු වී තිබුණි. වලංගු වූයේ ඡන්ද 219කි.
මන්ත්‍රීවරුන් වන සෙල්වරාජා ගජේන්ද්‍රන් සහ ජී.ජී. පොන්නම්බලම් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියහ.