ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන් අසීරුතම ආර්ථික අභියෝගයෙන් මිදී ගොස් ඇතැයි ජාත්‍යන්තර බ්ලුම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව ස්ථාවර ආර්ථික ගමනක් මේ වන විට ආරම්භ කර ඇති බවද එම වාර්තාව සඳහන් කරයි.
ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සාර්ථක කරගත හැකි වුවහොත් විදේශ ආයෝජනය වැඩි වශයෙන් ගෙන්වාගෙන සාර්ථක ගමනක් යාමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයිද එහි දැක්වේ.
විදේශ සංචිත ඉහළ නංවා ගනිමින් ආනයන සීමා ලිහිල් කරමින් ණය තිරසරභාවය කරා ශ්‍රී ලංකාව ළඟාවීමේ ප්‍රගතියක් පෙන්නුම් කරමින් ඇතැයි ද වාර්තාවේ සඳහන්වේ .