ශ්‍රී ලංකාව ඉල්ලීමක් කලොත් සලකා බලනවා – IMF

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා රජය, මූල්‍ය සහනයක් ලබාගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ පිළිබඳ සලකා බැලීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ප්‍රධානී මසාහිරෝ නොසාකි මහතා ප්‍රකාශ කර සිටී .

. කෙසේවෙතත් ශ්‍රී ලංකා රජය ඒ සම්බන්ධයෙන් මෙතෙක් එවැනි ඉල්ලීමක් සිදුකර නොමැති බවයි විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉකුත් දා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තාක්ෂණික සහය ලබාගැනීමට ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇති බවයි.