ශ්‍රීලනිපයේ ප්‍රබලයින් පිරිසක් අද පොහොට්ටු සමුළුවේ

Picture of අසංක

අසංක


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහලම පෙලේ මන්ත්‍රීවරුන් දස දෙනෙකුට ආසන්න පිරිසක් අද (11) පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහා සම්මේලනයට එක්වීමට නියමිත බවට තොරතුරු වාර්තාවේ.

දිලාන් පෙරේරා , එස් බී දිසානායක යන මන්ත්‍රීවරුන් ප්‍රමුඛ දස දෙනෙකු මෙසේ අද (11) දින පොදු ජන පෙරමුණු වේදිකාවට එක්වන අතර මෙම පිරිස දැනටමත් තම පැමිණීම පිළිබඳව සම්මේලනයේ සංවිධායක මණ්ඩලය වෙත දන්වා ඇති බවද වාර්තාවේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම අවසන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබුනේ පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු මෙම සමුළුවට සහභාගී නොවිය යුතු බවයි.