ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා කළමනාකරණ කමිටුවක් පත්කර ඇති බව එම පක්ෂ ආරංචිමාර්ග සඳහන් කර සිටී
. ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ශ්‍රීලනිප නිළධාරී මණ්ඩල රැස්වීමකදී මෙම කමිටුව පත්කර ඇත .
ඉදිරි වසර එකහමාරක කාලයක් සඳහා පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සකස් කිරීම මෙම කමිටුවට පැවරී ඇත .
ශ්‍රී ලනිපය ඉතිහාසයේ අවස්ථා කිහිපයකදී දැවැන්ත පසුබෑම්වලට ලක් වූ බවත්, කෙසේ නමුත් ඒ සෑම අවස්ථාවකදීම නැවත නැගී සිටීමට පක්ෂය සමත් වූ බවත්, ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් සිල්වා මහතා සඳහන් කර ඇත .