ශ්‍රීලනිපය හා ‌ගෝඨා අතර හමුවක්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රධාන නිලධාරීන් හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ජාවක් මෙම සතියේ පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ගොඩනැගීමට යෝජිත සන්ධානය පිළිබඳව මෙම සාකච්ජාවේදී මූලික ලෙස අවධානය යොමුවනු ඇති බව ද්ශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී.

එසේම පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරි වැඩපිලිවෙල හා ප්‍රතිපත්ති මාලාව පිළිබඳවද මෙහිදී සාකච්ජා කෙරෙනු ඇති බව වාර්තාවේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කඩිනමින් සාකච්ජා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලසුම් කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

එම සාකච්ජා වලින් අනතුරුව, ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දෙනවද නැද්ද යන්න ගැන පක්ෂයක් ලෙස තීරණය කරන බවද අමරවීර මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ගොඩනැගීමට යෝජිත සන්ධානය පිළිබඳව මෙම සාකච්ජාවේදී මූලික ලෙස අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය