ශ්රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත පිරිසක් හා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා අතර විශේෂ හමුවක් අද පස්වරුවේ සිදුව ඇත .
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කොළඹ පිහිටි නිවසේදී මෙම හමුව සිදුව ඇතිඅතර ඒ සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර හා ශ්රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහත්වරුන් එක්වි ඇති බව වාර්තාවේ.