ශ්‍රී ලංකාවටම සංචරණ සීමා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
කොරෝනා ව්‍යාප්තිය හමුවේ ක්‍රියාත්මක වන මාර්ගෝපදේශයන් සංශෝදනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඊයේ (12) සිට මැයි 31 වැනි දා දක්වා බලපැවැත්වෙන ආකාරයෙන් මෙම මාර්ගෝපදේශ ක්‍රියාත්මක වනු ඇත.
මෙහි සඳහන් ආකාරයට විවාහ මංගල උත්සව නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති අතර, උපරිම 15 දෙනෙකුගේ සහභාගීත්වයෙන් විවාහ ලියාපදිංචිය සිදු කළ හැක.
අවමංගල කටයුතු සිදු කිරීමේ දී මෘත දේහය රෝහලින් මුදා හැර පැය 24 ක් තුළ උපරිම පුද්ගලයන් 15ක් දෙනෙකුගේ සහභාගීත්වයෙන් අවසන් කටයුතු කළ යුතුවේ.
දිනකදී නිවසකින් පිටවීමට අවසර ඇත්තේ ඒක් පුද්ගලයෙකුට පමණක් වන අතර, ඒය තීරණය වන්නේ අදාළ පුද්ගලයාගේ හැඳුනුම් පතේ අවසන් ඉලක්කම මතය
පෞද්ගලික කුලී රථ සඳහා පැනවූ මාර්ගෝපදේශ අනුව කාර් හා ත්‍රී රෝද රථ සඳහා උපරිම මගීන් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කර ඇත. සෙසු වර්ගවල වාහන සඳහා ආසන ධාරීතාව දක්වා සීමා කර ඇත.
මෙම සංශෝධිත නව මාර්ගෝපදේශයන් මෙසේය.