ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාව තවත් දැඩිවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට  තවදුරටත්  දැඩි හා ප්‍රබල වචන ඇතුළත් විය යුතු බවට බටහිර යුරෝපය හා අනෙකුත් රටවල කණ්ඩායම පසුගියදා පැවති නිල නොවන සාකච්ඡාවකදී අවධාරණය කර ඇතැයි වාර්තාවේ
මාධ්‍ය වාර්තා කළේ, මාර්තු 01 වැනිදා සහ 02 වැනිදා මෙම නිල නොවන සාකච්ඡා පැවති බවයි.

ඩෙන්මාර්කය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, ලිච්ටන්ස්ටයින් සහ අමෙරිකාව ඇතූළත් රටවල් බටහිර යුරෝපය හා අනෙකුත් රටවල නියෝජිත පිරිසක් මෙම සාකච්ජාවට එක්වී ඇත

මාධ්‍ය වාර්තාවලට අනුව මෙම රටවල් සැළසුම්ගත ආකාරයකට ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව ඇති යෝජනාවලියේ අඩංගු වචන තවදුරටත් දැඩි විය යුතු බවයි

එහිදී අමෙරිකාව, ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව මානව හිමිකම් කවුන්සිල යෝජනාවේ ඇති ඡේදයට පිටුවහල් නොහොත් EXTRADITION යන වචනය ඇතුළත් විය යුතු බවට දැඩි ලෙස අවධාරණය කර තිබේ.