ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාව කල්යයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ මානව හිමිකම්  සම්බන්ධයෙන් රටවල් කිහිපයක් ඉදිරිපත් කර ඇති යෝජනාවට අදාළ   ඡන්ද විමසීම හෙට (23 ) දක්වා  කල් තැබීමට එම කවුන්සිලය තීරණය කර ඇතැයි වන ජීනිවා තානාපති ආරංචි මාර්ග කියා සිටී.

ඒ අනුව එම ඡන්ද විමසීම හෙට දින  ජිනීවා වේලාවෙන් පෙරවරු 9.00 ට (ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.00ට) පමණ පැවැත්වෙන බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ශ්‍රී ලංකාවට එරෙහි එම යෝජනාව සහ තවත් රටවල් කිහිපයකට එරෙහි යෝජනා කිහිපයක්ම අද (22 ) එම කවුන්සලයේ සභාගත කළද එම සැසිවාරයේ අද දින න්‍යාය පත්‍ර යේ ඇති වූ ගැටලුවක් හේතුවෙන් ඡන්ද විමසීම මෙලෙස හෙටට කල් ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව කරුණු ඇතුළත් කරමින් එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය , මොන්ටිනීග්‍රෝ ,මැසිඩෝනියාව , මලාවි යන ඇතුළු රටවල් හයක් ඒකාබද්ධව මෙම යෝජනාව ඉදිරිපත් කෙරිණි.