ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ප්‍රතික්ෂේප කරන්න – විදෙස් ඇමති මානව හිමිකම් සැසියේදී ඉල්ලා සිටී .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(පැතුම් වික්‍රමරත්න )

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්වන කිසියම් හෝ යෝජනාවක් ප්‍රතික්ෂේප කරන ලෙස  මෙරට විදේශ අමාත්‍ය දිනේෂ්  ගුණවර්ධන මහතා ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික  රටවලින් ඉල්ලා සිටී

මානව හිමිකම් කවුන්සිලය සමග සහයෝගයෙන් කටයුතු කර තිබියදීත්, ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන කණ්ඩායම් මෙසේ  යෝජනාවක් ඉදිරිපත් කිරීම කණගාටුවට කරුණක් බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 46 වැනි සැසිවාරය මීට ටික වේලාවකට පෙර අමතමින්ය.

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචලේ බැචලෙට් මහත්මිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳව සකස් කළ වාර්තාව හෙට(24) සාකච්ඡාවට ගැනීමට නියමිතය.

එහිදී එක්සත් රාජධානිය ප්‍රමුඛ මධ්‍ය කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සකස් කළ නව යෝජනාවලියක් ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර සමුළුව පැවැත්වුණේ අන්තර්ජාලය ඔස්සේය

.දිනේෂ් ගුණවර්ධන මහතා  මෙහිදී පැවැත්වූ සම්පූර්ණ කතාව පහත දැක්වේ .