ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරයන් ප්‍රමාණය ඉහළට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව පසුගිය ජනවාරි මාසයේදී සියයට 2.2කින් ඉහල ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධනය අධිකාරිය සඳහන් කර සිටී. එසේම පසුගිය ජනවාරි මාසයේදී මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයින්ගේ සංඛ්‍යා පසුගිය ජනවාරියේදී සියයට 5.6කින්ද චීන සංචාරකයින්ගේ සංඛ්‍යාව සියයට 8.8 කින්ද වර්ධනය වී ඇත. එසේම පසුගිය මාසයේ දී එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 13.5% කින් ඉහළ ගොස් ඇති අතර රුසියානු සමූහාණ්ඩුවෙන් පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 16.5% කින් වැඩි වී ඇත.

පසුගිය ජනවාරියේ 244,239 ක් බව වාර්තාවන අතර 2018 ජනවාරි මාසයේ දී මෙරටට පැමිණ තිබූනේ 238,924 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයකි.

පැතුම් වික්‍රමරත්න